Tuesday, September 9, 2014

ඔබගේ දුරකථනය නැති වුවහොත් ඔබ කල යුතු වැදගත් දේවල්


ඔන්න ඉතින් යාළුවො දෙන්නෙක්ගෙම ෆෝන් නැතිවුණාට පස්සෙ තමයි දොරාට "ෆෝන් එකක් නැතිවුණාම කරන්න ඕනෙ දේ" ගැන ලිපියක් ලියන්න හිතුනේ. මම හිතනවා ඔයාලටත් මේවා දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වේවි කියලා. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.


ෆෝන් එකක් නැතිවෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවනෙ. එක්කො අමතක වෙලා කොහේ හරි තියලා එන්න පුළුවන්, නැත්නම් ගමනක් යනකොට හැලෙන්න පුළුවන් වගේම කෙනෙක් හොරකම් කරන්නත් පුළුවන්.

ෆෝන් එකක් නැතිවුණාම එන ප්‍රශ්න මොනවද?


  • ලොකුම ගැටලුව තමයි ඊළඟට ඔයාගෙ ෆෝන් එක පාවිච්චි කරන කෙනා වැරදි දේකට ඔයාගෙ දුරකථනය භාවිතා කරන එක. ඒ කියන්නෙ කාවහරි Blackmail කරන්න, මිනීමැරුම්, මංකොල්ලකෑම් වගේ දේවලට.
  • ඊළඟ ගැටලුව ඔබේ පෞද්ගලිකත්වයට ගැටලු ඒම. ඔබගේ දුරකථන අංක ලැයිස්තුව, Messeges , Email, Facebook Account වගේ දේවල් ඔක්කොම දේවල් ඔහු අතට පත්වීම
  • ඊළඟට ඔබගේ Facebook, E-mail ගිණුම් වැනිදේ Hack වීමට හැකිවීම
  • ඔබගේ දුරකථනයේ තිබූ ඔබට වටිනා දත්ත නැතිවීම

සමහර අය හිතනවා එතරම් වටින ෆෝන් එකක් නොවේ නම් Sim එක Deactivate කළාම ප්‍රශ්නය ඉවරයි කියලා. නැහැ. දැනගන්න යාළුවනේ ෆෝන් එකෙන් අයිතිකරු සොයාගන්න පුළුවන් බව. ඒ නිසා අපි බලමු කරන්න පුළුවන් දේ මොනවද කියලා.


1. ෆෝන් එක නැතිවූ බව දැනගත් වහාම කලබලයට පත්නොවී කෙසේ හෝ හැකි ඉක්මනින් එම ෆෝන් එකට කෝල් එකක් ගන්න. මොකද ෆෝන් එක කාටවත් ලැබිලා නැතිවෙන්න පුළුවනි. ෆෝන් එක රින්ග් වෙනවා නම් ඒක තරමක හොඳ සළකුණක්. ෆෝන් එක ආන්සර් කළොත් අදාළ පුද්ගලයා හා කතාබහ කරගෙන ෆෝන් එක ලබාගන්න පුළුවන් වේවි.


2. දුරකථනය Off වී හෝ මුළින් රින්ග් වෙලා පස්සෙ Off වුණා නම් ( මේකට ෆෝන් එකේ Battery Low වීමත් හේතුවෙන්න පුළුවනි. ඒත් ඔයා දන්නවනේ Battery අඩුවෙන් තිබුණ නම් ) දැනගන්න ෆෝන් එක සොයාගන්න දැන් කරදර වෙන්න වෙන බව. මොකද ෆෝන් එක හමුවුණු පුද්ගලයා මේක ඔබට නැවත දෙන්න බලාපොරොත්තුවක් නැති හැඩයි.


3. ෆෝන් එක Smart ෆෝන් එකක් නම් අපිට ගන්න පුළුවන් අමතර පියවරවල් කිහිපයක් තියෙනවා. Smart ෆෝන් එකක් නෙවෙයි නම් මේ පියවර මගහරින්න.

* iPhone - මේකට නම් iPhone සමග එන Find My iPhone කියන සේවාව මුළින් Activate කරලා තියෙන්න ඕනෙ. මම හිතනවා කළා කියලා. එහෙනම් පහළ දේවල් කරන්න පුළුවන්. නැත්නම් දුකෙන් වුණත් මේ පියවර මග හරින්න වෙනවා.

මුළින්ම ඔබේ iCloud Account එකට ලොග් වෙන්න.


Find my iPhone මත ක්ලික් කරන්න.


 දැන් ඔබට Map එකක ඔබේ iPhone එක තිබෙන තැන පෙන්නාවි. ඒ සමග ඔබට iPhone එකෙන් ශබ්දයක් නිකුත් කරන්න, මැසේජ් එකක් යවන්න, ලොක් කරන්න හා සියලු Data මකන්න ඉඩ ලබාදේවි. මෙසේ සොයාගන්න බැරිනම් අපි බලමු ඉදිරි පියවරවල්.














* Android - ඔබේ ෆෝන් එක Android නම් වැඩේ හරිම ලේසියි. මොකද අපිට ෆෝන් එක නැතිවුණාට පස්සෙ වුණත් මේ App එක Install කරන්න පුළුවන්. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ Internet Connection එක හා Locating Setvices(GPS) On කරලා තියෙන්න ඕනෙ එක. නමුත් Battery Save කරගන්න ගොඩක් අය මේවා අයින් කරලානෙ තියෙන්නෙ. GPS අවශ්‍ය Map එකකින් තියෙන තැන සොයාගන්න විතරයි. ඒත් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. බලමු මොනවද කරන්න පුළුවන් කියලා.

මුළින්ම ඉදිරියෙන් තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාගෙ Android දුරකථනයේ Apps ඩවුන්ලෝඩ් කරන්න Google Play Store එක සඳහා ලබාදුන්නු Gmail එකවුන්ට් එකෙන් ලොග් වෙන්න 
                                         


දැන් ඔබට පුළුවන් ඔබේ ෆෝන් එකේ Location එක දැනගන්න, ශබ්දයක් නිකුත් කරන්න, ලොක් කරන්න මෙන්ම සියලු දත්ත මකලා දාන්න.


4. දැන් මේ පියවරට ආව කියන්නෙ ඔබට නීතිමය ‍රැකවරණය සලසගන්න අවශ්‍ය වෙලාව ඇවිත් කියන එක. ඉතින් අපි මුළින්ම කරන්න ඕනෙ ඔයාගෙ දුරකථනය නැතිවුණු බව දැනගන්න පොලීසියේ පැමිණිල්ලක් දාන එක. නමුත් මේ සඳහා ඔබගේ ෆෝන් එකේ IMEI අංකය අවශ්‍ය වෙනවා. IMEI එක අංක 15කින් යුක්තයි. මේ IMEI අංකය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්. අපි මේ IMEI අංකය සමග පොලීසියේ පැමිණිල්ල කරන්න ඕනෙ. ඒ වගේම පැමිණිල්ල දානකොට නැතිවෙන විට ෆෝන් එකේ තිබුණු SIM අංකයත් දාන්න. (Dual Sim ෆොන් එකක් නම් IMEI අංක දෙකක් තිබෙන බව මතක තබාගන්න)

*පොලීසියේ පැමිණිල්ල දැමූ පසු එහි පිටපතක් ලබාගන්න මතක තබාගන්න.

IMEI අංකය සොයාගැනීම

ක්‍රමය II

ඔබ ෆෝන් එක ගන්නා අවස්ථාවේදී ලැබුණු බිල්පතෙහි ගොඩාක් දුරට IMEI අංකය සටහන් කරලා තියෙන්න පුළුවනි. ඒ නිසා එම බිල්පත් සොයාබලා අංකය සොයාගන්න බලන්න.

ක්‍රමය III

දැන් කරන්න තියෙන්නෙ ෆෝන් එකේ තිබුණු සිම් එකෙන් IMEI එක සොයාගැනීම. මේ සඳහා ෆෝන් එකේ තිබුණු සිම් එක අදාළ සේවා දායකයා ළඟට යන්න වෙනවා. Dialog සිම් එකක් නම් ළඟම ඇති Dialog Arcade එකට ගිහින් සිම් එකේ අයිතිකරු බව අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු අදාළ සිම් එක අවසානයට යෙදූ ෆෝන් එකේ IMEI එක සොයාගන්න පුළුවනි.


5. දැන් ඔබ පොලීසියේ පැමිණිල්ල දමා එහි පිටපතක් ද සමග සිටීනම් Phone එකේ Sim එක Deactive කරන එක නුවණට හුරුයි කියලා මට හිතෙන්නෙ. ඒ නිසා අදාළ සේවා දායකයාට ඔබගේ අනන්‍යතාව තහවුරු කර සිම් එක Deactive කරන්න.


6. දැන් ෆෝන් එක නැවත ලබාගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ මේ පොලීසියේ යෙදූ පැමිණිල්ල හා ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සමග TRC හෙවත් විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන එක. මතක තියාගන්න මේක දවස් 14ක් ඇතුළත කරන්න ඕනෙ බව. නැත්නම් තරමක් කරදර වෙන්න වෙනවා.

ලිපිනය

අංක 276,
ඇල්විටිගල මාවත,
කොළඹ 08.

දුර. අංකය - 011 2689345

කොන්දේසි

* පොලීසියේ පැමිණිලිකරුම පැමිණිලි කළ යුතු ය.
* SIM පතේ හිමිකරු නොවේ නම් SIM පත භාවිතා කිරීමට ඉඩ ලබාදුන් බවට හිමිකරුගේ අත්සන සහිතව ලිපියක් අවශ්‍ය වේ.


වැඩිදුර තොරතුරු සඳහා මේ ලින්ක් එකෙන් යන්න. 


ඔන්න ඉතින් කතන්දරේ ඉවරයි. ඔයාගෙ ෆෝන් එකට කවුරු හරි සිම් එකක් දාපු ගමන් ඒක ඒ සේවාදායකයා මගින් TRC එකට දැනුම් දීලා ඔවුන් ඔයා පැමිණිල්ල දාපු පොලිස් ස්ථානය දැනුවත් කරාවි. පොලිස් ස්ථානය ඔබව දැනුවත් කරාවි. මේකට ගොඩාක් කල් ගතවෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ෆෝන් එක පරිස්සම් කරගන්න එක තමා ඇඟට ගුණ

Location: Bingiriya, Sri Lanka

0 comments:

Post a Comment